උතුරු ඉන්දියාවේ දරුණු ජල ගැලීම්වලින් අයෙක් මරුට – 100ක් අතුරුදන්

 උතුරු ඉන්දියාවේ දරුණු ජල ගැලීම්වලින් අයෙක් මරුට – 100ක් අතුරුදන්

උතුරු ඉන්දීය ප්‍රාන්තයක් වන උත්තරකන්ඩ් ප්‍රාන්තයට ඇදහැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාව සමග හටගෙන තිබෙන විනාශකාරී දරුණු ජලගැලීම් හේතුවෙන් එක් අයෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. උත්තරකන්ඩ් ප්‍රාන්තයේ පිහිටි ධරාලි ගම්මානය වෙත කඳුකරයේ සිට ගලාගෙන පැමිණි දැවැන්ත ජල කඳක් පෙරේදා (05දා) දිනයේ කඩාවැදීම හේතුවෙන් එම ගම්මානයේ පිහිටි මාර්ග හා ගොඩනැගිලි ජලයෙන් යට වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විපතට පත් ධරාලි ගම්මානයේ ඇතැම් හමුදාභටයන් රඳවා ඇතත් ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හා මාර්ග ජලයෙන් යටවී තිබීම හේතුවෙන් විපතට පත් වූවන් සෙවීමේ මෙහෙයුම් හා අවශ්‍ය ආධාර ලබාදීමේ කටයුතු සඳහා සෙසු නිලධාරීන් හට ගම්මානය වෙත ළඟාවීම අසීරු වී ඇති බව වාර්තා වේ

Search