ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකාව ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඉරානයේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
බි.බි.සි ( BBC ) සහ සි.එන්.එන් ( CNN )පුවත් සේවා වාර්තා කර ඇත්තේ , ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B-2 බෝම්බ හෙලන යානා සම්බන්ධ වී ඇති බවය
එම , අමෙරිකානු B-2 බෝම්බ හෙලන යානා අමෙරිකානු රහසිගත දූපතක් වන ගුවාම් වෙත ගෙන ගොස් ඇති බව ඊයේ (21) වාර්තා වී තිබිණි . ඒ , ඉරානයට එරෙහි ඇමෙරිකානු ප්‍රහාරයකට බව යුධ විශ්ලේෂකයන් පෙන්වා දී තිබිණි .
B-2 බෝම්බ ප්‍රහාරක යානා හැඳින්වෙන්නේ , අමෙරිකාවේ බංකර් බ්ලාස්ටර් බෝම්බ රැගෙන යා හැකි එකම ගුවන් යානා ලෙසය .
ප්‍රහාරයෙන් පසු Truth Social හී සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන බවය .එමෙන්ම දැන් සාමයට කාලය එළැඹ ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ .
ඊශ්‍රායලය පසුගියදා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලද්දේද , න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉරානය ගන්නා වෑයම අඩපන කිරීම සඳහාය .
එහෙත් ඉරානයදිගින් දිගටම කීවේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට ඉරානය සූදානම් නැති බවය . සිය න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා පමණක් යැයි ඉර්නාය අවස්ථා කිහිපයකදීම පවසා තිබිණි