ඇමරිකාවේ B 2 බෝම්බ ප්‍රහාරක ගුවන් යානා හයක් ඇමරිකාවේ මිසුරි හී සිට ඉන්දියන් සාගරයේ දියාගෝ ගර්ෂියාවේ හි පිහිටුවා ඇති ඇමරිකානු හමුදා කඳවුර වෙත පියාසර කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තා වල දැක්වෙන ආකාරයට මෙම ප්‍රහාරක යානා ගුවන් ගතකර මද වෙලාවකින් ගුවනේදිම යළි ඉන්ධන පුරවා තිබේ.
මේ බව අවධානයට ගනිමින් විශ්ලේෂකයන් පවසන්නේ මේ ගුවන් යානා අධික බරකින් යුක්තව පැමිණෙමින් ඇති බවයි.
මේ සම්බන්ධව x සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගේද විශේෂ අවධානයක් යොමුව තිබේ.
ඒ ඉරානයේ ක්වොම් නගරය අසල කන්දක් තුළ මීටර් 80ක්, එනම් අඩි 260ක් පමණ ගැඹුරින් පිහිටා තිබෙන ෆෝර්ඩෝ (Fordo) න්‍යෂ්ටික බලගැන්වීමේ මධ්‍යස්ථානය වැන්නකට පහරදී විනාශ කළ හැකි විශේෂිත අවි ලෙස සැලකෙන “බංකර් බස්ටර්” බෝම්බ ( GBU-57A/B Massive Ordnance Penetrator, හෙවත් MOP බෝම්බ ) රැගෙන ගොස් පහරදීමට හැකි එකම යානා විශේෂය මේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ B-2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බර් (B-2 Spirit Stealth Bomber) යානා පමණක් වන නිසාය.
මෙතෙක් ඊශ්‍රායලය සතුවද මෙම GBU-57A/B Massive Ordnance Penetrator, හෙවත් MOP බෝම්බ නොමැති අතර එය ඇමෙරිකා එක්සත් ජනපදය පමණක් සතු අවියක් ලෙස සැළකෙයි.
එය ටොන් 13,600 (රාත්තල් 30,000) කට ආසන්න බරකින් යුක්ත වන අතර, දිග මීටර් 6.2 (අඩි 20.5) ක් පමණ වෙන බවද සඳහන් වෙයි.
එහි අති විශාල බර සහ ප්‍රමාණය නිසා, එය දියත් කළ හැක්කේ විශේෂ උපායමාර්ගික බෝම්බ හෙලන යානා මඟින් පමණක් බැවින් විශ්ලේෂකයන් බිය පළකර සිටිනුයේ ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාපෘතියම වැනසීමේ අපේක්ෂාව ඇතුව ඊට ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය සියලුම සැපයුම් කේන්ද්‍රගත කරමින් සිටිනවාද යන්න කෙරෙහිය