ඉරාන ඊශ්‍රායල් යුද්ධය...G7 ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි

ඉරාන ඊශ්‍රායල් යුද්ධය...G7 ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි

ඉරානය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් G7 කණ්ඩායමේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් “ඉරානයට කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි” බව ප්‍රකාශ කර තිබෙනවා.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් G7 කණ්ඩායමේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් “ඉරානයට කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි” බව ප්‍රකාශ කර තිබෙනවා.

එම ඒකාබද්ධ ප්‍රකාශයේ දී, G7 කණ්ඩායම ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් පිළිබඳ සිය ස්ථාවරය නැවත තහවුරු කළ අතර ඊශ්‍රායලයේ ස්වයං-ආරක්ෂාව සඳහා ඇති අයිතියට සහාය පළ කර ඇත

ඒ, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීම සඳහා ඊශ්‍රායලය සිය ඔපරේෂන් රයිසින් ලයන් මෙහෙයුම සිදු කිරීමෙන් දින කිහිපයකට පසුවයි.

“ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති බව අපි තහවුරු කරමු. ඉරානයට කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි බව අපි නිරන්තරයෙන් පැහැදිලි කර ඇත්තෙමු.” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන්.

ඉරාන අර්බුදය විසඳීම කලාපය සන්සුන් කිරීමේ පුළුල් උත්සාහයක කොටසක් විය යුතු බවයි නායකයින් සඳහන් කර ඇත්තේ.

Search