ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඉන්ද්‍රයානි ගඟ හරහා පාලමක් කඩා වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන පරිදි සංචාරකයින් 20 කට වැඩි පිරිසක් දියේ ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පූනේ හි ඉන්ද්‍රයානි ගඟ හරහා ඉදිකර තිබූ පාලමක් කඩා වැටීමෙන් සංචාරකයින් දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය දේවේන්ද්‍ර ෆඩ්නවිස් පවසනවා.
එමෙන්ම පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුට බරපතල බවත් වාර්තා වෙනවා.
මෙම සිදුවීම සිදු වූයේ පූනේ සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන තලේගෝන් හි කුන්ඩ් මාලා අසල වන අතර එය ස්වභාවික ගිලා බැසීම්, දුර්ග සහ අද්විතීය පාෂාණ සැකැස්ම සඳහා ප්‍රසිද්ධය. පූනේ සහ මුම්බායි යන දෙකටම ආසන්නව පිහිටා ඇති බැවින් මෙම ප්‍රදේශය විශාල ජනආකර්ශනයක් හිමි ප්‍රදේශයකි.
අධික මෝසම් වැසි හේතුවෙන් ඉන්ද්‍රයානි ගඟේ ජල මට්ටම තියුනු ලෙස ඉහළ ගොස් ඇති අතර, ජල ධාරාව සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇති බවයි වී ඇති බව බලධාරීන් සඳහන් කර ඇත්තේ.