අහමදාබාද් ගුවන්තොටුපළ අසල දී අනතුරට ලක් වූ ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ, ගුජරාට් හිටපු මහ ඇමති විජේ රූපානි සිටි බවට විශ්වාස කෙරෙන බව භාරතීය ජනතා පක්ෂයේ ඉහළ පෙළ නායක භූපේන්ද්‍රසිංහ චුඩසාමා පවසනවා.
අද (12) පස්වරු 1:17ට පමණ මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක්, ලන්ඩන් බලා පිටත්වයෑමට අහ්මදාබාද් ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු වේලාවකට පසු අනතුරට ලක් වුණා.
අනතුර සිදුවන අවස්ථාවේ දී අදළ ගුවන් යානයේ, ඉන්දියානුවන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 59 දෙනෙකු, පෘතුගාල ජාතිකයින් 7ක් සහ කැනේඩියානු ජාතිකයෙකු ගමන් කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.