ට්‍රම්ප් පරිපාලනයට විරුද්ධව ඇමෙරිකාව පුරා විරෝධතා

ට්‍රම්ප් පරිපාලනයට විරුද්ධව ඇමෙරිකාව පුරා විරෝධතා

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනවසර සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය යටතේ එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය අමෙරිකාව පුරා සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක තුළ ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කර ගනිමින් ඒ වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

මේ හේතුවෙන් ෆෙඩරල් ආගමන නිලධාරින් භාවිතා කරන බලය සහ ලේඛනගත නොකළ පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබදව ගැටලු‍ උත්සන්න වී ඇත.

මෙම වැටලීම් පිළිබදව සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යාමත් සමග විවිධ පාර්ශව ඊට විරෝධය පළ කර ඇත.

මේ වනවිට මෙම විරෝධතාවය ගැටුමක් දක්වා උත්සන්න වි ඇති අතර විරෝධතාකරුවන් රථවාහනවලට ගිනි තබා දේපළ විනාශ කිරීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

විරෝධතා පාලනය සදහා ලොස් ඇන්ජලීස් පොලිසිය කදුලු‍ ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

Search