නාසා ආයතනය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සමඟ එක්ව Axiom Mission 4 මෙහෙයුම හෙට (10) දියත් කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය අමෙරිකාවේ Axiom Space ආයතනය විසින් මෙහෙයවන සිව්වන පුද්ගලික ගගනගාමී මෙහෙයුම වන අතර එහි නියමුවා ලෙස ඉන්දියානු ගගනගාමියෙකු වන ෂුබාන්ෂු ෂුක්ලා කටයුතු කිරීමට නියමිතයි.
අභ්‍යවකාශ ඒජන්සි ද්විත්වය මෙම මෙහෙයුමේදී ඒකාබද්ධ විද්‍යා විමර්ශන පහකට සහ කක්ෂය තුළ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත ආදර්ශන දෙකකට සහභාගී වනු ඇති.
නාසා, Axiom Space, සහ SpaceX යන සමාගම් හෙට දිනයේ දී අමෙරිකානු වේලාවෙන් පෙ.ව. 8:22 ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සිව්වන පුද්ගලික ගගනගාමී මෙහෙයුම වන Axiom Mission 4 දියත් කිරීම සඳහා සූදානමින් සිටිනවා.
මෙම මෙහෙයුම ෆ්ලොරිඩාවේ නාසා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 39A දියත් කිරීමේ සංකීර්ණයෙන් සිදු කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Falcon 9 රොකට්ටුවෙන් දියත් කිරීමෙන් පසු කාර්ය මණ්ඩලය නව SpaceX Dragon අභ්‍යවකාශ යානයකින් කක්ෂගත රසායනාගාරය වෙත ගමන් කරනු ඇතැයි නාසා ආයතනය පවසන බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.