බහාලුම් 323 පිළිබඳ සොයා බැලීමට සම්බන්ධව දිනන දකුණ සාමූහිකයෙන් නිවේදනයක්

බහාලුම් 323 පිළිබඳ සොයා බැලීමට සම්බන්ධව  දිනන දකුණ සාමූහිකයෙන් නිවේදනයක්

කොළඹ වරාය හරහා කිසිදු භෞතික පරීක්ෂාවකින් තොරව පිටව ගොස් ඇති බව කියන ආන්දෝලනාත්මක බහාලුම් 323 පිළිබඳ සොයා බැලීමට සම්බන්ධයෙන්  කරුණු විමසීම සඳහා විපක්ෂය නියෝජනය කරන කාරක සභා සාමාජිකයන් ඉදිරිපත් කළ ප්‍රධාන සාක්ෂිකරුවන් සිවුදෙනකු කැඳවීමේ යෝජනාව, ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන්  ප්‍රතික්ෂේප වී ඇතැයි දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.

එම සාමූහිකය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

උද්ගතව ඇති මෙම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සහ කථානායකවරයා වහාම අවධානය යොමු කර මෙම සිදුවීම පිළිබඳ සත්‍ය තොරතුරු මහජනතාවට දැන ගැනීමට සැලැස්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස දිනන දකුණ සාමූහිකය අවධාරණයෙන් ඉල්ලා සිටියි.

මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර වීරරත්න ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

Screenshot 2026 04 23 121507

Search