තම වත්කම් හා බැරකම් ප්‍රකාශ වැරදි ලෙස අර්ථකථනය කරමින් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට එරෙහිව, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත හිරු ටීවී නාලිකාවට රුපියල් බිලියන 10ක එන්තරවාසියක් යොමු කර තිබේ.
2026 අප්‍රේල් 16 වන දින විකාශය වූ පුවත් මගින්, අමාත්‍යවරයාගේ දියණිය සතු රුපියල් 143,000ක කොටස් වටිනාකම රුපියල් කෝටි 38ක් ලෙස සාවද්‍ය ලෙස හුවා දක්වා ඇති බවත්, එමගින් අමාත්‍යවරයාගේ කීර්තිනාමයට දැඩි හානියක් සිදු කර ඇති බවත් එහි සඳහන් වේ.
කිසිදු විමසීමකින් තොරව අපහාස කිරීමේ අරමුණින් මෙම පුවත පළ කර ඇති බැවින්, දින හතක් ඇතුළත වන්දිය ගෙවන ලෙසත්, පොදු සංඛ්‍යාත අවභාවිත කිරීම නිසා නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා දැනුම් දී ඇත.
අපේක්ෂිත වන්දිය නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එමගින් වැඩිදුරටත් දන්වා තිබේ.




