ගල් අඟුරු හොරකමේ මහ මොළකරුවන් එළියට – ධම්මික පෙරේරාගේ නමත් ඒ අතර

ගල් අඟුරු හොරකමේ මහ මොළකරුවන් එළියට – ධම්මික පෙරේරාගේ නමත් ඒ අතර

 රජය විසින් සිදුකළ ගල් අඟුරු ටෙන්ඩර් දෙකම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව පැහැදැලි කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ බරපතළ කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා.

WhatsApp Image 2026 04 09 at 21.34.32 1

ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් (Trident Kemfar) – නීතිපති මඟහැර ගිය ගිවිසුම

2026/27 වර්ෂය සඳහා ගල් අඟුරු නැව් 25ක් සැපයීමට “ට්‍රයිඩෙන්ට් කෙම්ෆර්” සමාගමට ලබාදුන් දීර්ඝකාලීන ටෙන්ඩරය මුල සිටම නීති විරෝධී බව පුබුදු ජයගොඩ පෙන්වා දෙයි. ඔහු ඉදිරිපත් කරන කරුණුවලට අනුව:

 

* ලියාපදිංචියට පෙර ලංසු කැඳවීම – නීතියට අනුව ලංසු ලේඛන යැවිය යුත්තේ ලියාපදිංචි සමාගම්වලට පමණි. එහෙත් මෙම සමාගම ලියාපදිංචියට අයැදුම් කර ඇත්තේ 2025 අගෝස්තු 19 වැනිදා වුවත්, ඊට පෙර දින (අගෝස්තු 18) ඔවුන්ට ලංසු ලේඛන යවා ඇත.

* ශුන්‍ය ගිවිසුම: සමාගම සමග ගිවිසුම අත්සන් කර ඇත්තේ නොවැම්බර් 19වන දා ය. නමුත් නීතිපති අනුමැතිය ලැබී ඇත්තේ නොවැම්බර් 20වන දා ය. නීතිපති අනුමැතියට පෙර අත්සන් කළ ගිවිසුමක් නීතිය ඉදිරියේ ශුන්‍ය (Null and Void) වන බව ඔහු අවධාරණය කරයි.

තරන්ජොට් (Taranjot Resources): සුදුසුකම් නැති හදිසි ගනුදෙනුව

ට්‍රයිඩෙන්ට් සමාගම අසාර්ථක වීම නිසා තරන්ජොට් රිසෝසර්ස් සමාගමට ලබාදුන් හදිසි ටෙන්ඩරය ද නීති විරෝධී බවට දැන් කරුණු අනාවරණය වී ඇත.

* අවම සුදුසුකම් නොමැතිකම: ටෙන්ඩරයකට ලියාපදිංචි වීමට නම් පසුගිය මාස 36 තුළ නියමිත ප්‍රමිතියේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් විකුණා තිබිය යුතුය. එහෙත් තරන්ජොට් සමාගම එවැනි කිසිදු අත්දැකීමක් නොමැති සමාගමක් බව විගණන වාර්තාවලින් ද තහවුරු වී ඇත.

* ධම්මික පෙරේරා සම්බන්ධතාව: මෙම ගනුදෙනුව පිටුපස තරන්ජොට් සමාගමේ දේශීය නියෝජිතයා ලෙස “හේලීස්” සමාගම සහ එහි හිමිකරු ධම්මික පෙරේරා මහතා සිටින්නේ දැයි ජයගොඩ මහතා ප්‍රශ්න කරයි.

 

නෛතික ක්‍රියාමාර්ග සහ මහජන පීඩනය

මෙම දූෂිත ටෙන්ඩර් නිසා සිදුවූ බිලියන ගණනක පාඩුව විදුලි ගාස්තුවට එකතු කිරීමට රජය සැරසෙන බවට ද චෝදනා එල්ල වේ. මේ සම්බන්ධයෙන් වහාම අධිකරණයට යන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනය කර ඇත.

මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි දේශපාලන කුණාටුව තවදුරටත් දැඩි වෙමින් පවතිනවා. අද (10) ඔහුට විරුද්ධව විශ්වාසභං යෝජනාවක් පාර්මේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත ය.

 

විශ්වාසභංග විවාදය ආසන්නයේ මතු වූ මෙම නවතම නෛතික කරුණු හමුවේ, අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට සිය ධුරය තවදුරටත් රැකගැනීම අතිශය දුෂ්කර වනු ඇත. දූෂණ විරෝධී සටන් පාඨයෙන් බලයට පැමිණි NPP රජය, මෙවැනි “අනීතික ගිවිසුම්” හමුවේ දෙන පිළිතුර කුමක්දැයි රටම බලා සිටී.

 

මූලාශ්‍ර - seylannews.com

Search