රට තුළ වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන මොහොතේ, වර්ජනය ක්‍රියාත්මක කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) හෝ සෞඛ්‍ය අමාත්‍යංශ පාර්ශ්වයෙන් හෝ ජනතාව වෙනුවෙන් කරුණු දක්වන බවක් දක්නට නැතැයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ය.
මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී වෛද්‍ය ගිෂාන්ත දසනායක කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.