ඉන්ධන සහ විදුලි බිල යළි ඉහළ දැමීමේ සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියා සිටියේ ජනතාව වෙත සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ලබාදෙන සහය සම්බන්ධයෙන් තමන් අගය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඉන්දියාවේ නිවුස් එක්ස් නාළිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව බහුවිධ අර්බුදවලට මුහුණදුන් සෑම අවස්ථාවකදීම ප්‍රථමයෙන් ප්‍රතිචාර දැක්වූයේ ඉන්දියාව බවයි.