කීරි සම්බා ඇතුළු ඇතැම් සහල් කළු කඩ මිලට හෝ මිලදී ගැනීමට නොමැති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරියේදී සහල් ආනයනය කිරීමට සිදුවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
සම්බා, කීරි සම්බා ඇතුළු සහල්වර්ග කිහිපයක් පාලන මිලද ඉක්මවා අලෙවිවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
ඒ සම්බන්ධනේ තවදුරටත් අදහස් දැක්වූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති,
"මේක අපිට බරපතළ වශයෙන් මුහුණ දෙන්න සිද්ධවෙන ගැටලුවක්. සමහර තැන්වල කළු කඩ මිලටත් කීරි සම්බා සහ ඇතැම් සහල් ගන්න නෑ.
මේ අස්වනු නෙළන කාලේ. මේ සම්බන්ධයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුවත් සාකච්ඡා කර තිබෙනවා.
එහෙම වුණොත් කළු කඩ මිල පාලනය කිරීමට ඉදිරියේදී සහල් ආනයනය කිරීමක් සිදු කරන්න සිද්ධ වෙයි" යනුවෙන් පැවසීය.