ජනපති අනුර සහ ඉන්දිය අගමැති මෝදි දුරකතන සංවාදයක

ජනපති අනුර සහ ඉන්දිය අගමැති මෝදි දුරකතන සංවාදයක

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ එම දුරකතන සාකච්ඡාව පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

වර්ධනය වන තත්ත්වයන් කලාපීය මෙන්ම ගෝලීය සැපයුම් ජාලවලට සිදු කරන අහිතකර බලපෑම් පිළිබඳව මෙහිදී දෙරටේ නායකයින්ගේ දැඩි අවධානය යොමුව ඇති අතර දෙරට අතර බලශක්ති සහයෝගිතාව පිළිබඳව සහ කලාපීය ආරක්ෂාව පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

Search