ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලේ සීඝ්‍ර පහළ යෑමක් හේතුවෙන් මෙරට රන් වෙළෙඳපොළ තුළ ද දින තුනක් ඇතුළත සැලකිය යුතු මිල අඩුවීමක් වාර්තා වී තිබේ.
ඒ අනුව බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ අද (21) යන දිනවලදී සමස්තයක් ලෙස රන් මිල රුපියල් 29,000කින් පමණ පහළ ගොස් ඇත.
පෙරේදා 19 දින රන්මිල රුපියල් 13,000කින් පහළ ගොස් ඇති අතර, ඊයේ (20) රුපියල් 6,000කින් සහ අද දින තවත් රුපියල් 10,000කින් අඩුවී තිබේ.
මෙම අඩුවීමට ප්‍රධාන හේතුව ලෙස ලෝක රත්‍රං මිල ඩොලර් 5,000 සීමාවෙන් පහළට වැටීම බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට ඇති බලපෑම්, ආයෝජන ක්‍රියාකාරකම් අඩාල වීම සහ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමද රත්‍රං මිල පහළ යාමට බලපා ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය තාවකාලික එකක් වන අතර, තෙල් මිල ස්ථාවර වූ පසු රත්‍රං මිල නැවත ඉහළ යාමේ හැකියාවක් පවතින බවය.