ලංකාවේ ප්‍රධාන දේපළ සංවර්ධන සමාගම් දෙකක් මහල් නිවාස විකිණීමට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව පුවත්පත්වල
දැන්වීම් පළ කර තිබෙන හෙයින් එම දැන්වීම් පළකිරීම වහාම නවත්වන ලෙස ඒ සමාගම්වලට දන්වා ඇතැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
පාර්ලිමේන්තුවේ බලය කොමිෂන් සභාවලට ගත නොහැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
''වරාය නගරයේ නීති සම්මත වෙන්නෙ පාර්ලිමේන්තුවේ. වරාය නගර කොමිෂන් සභාවට පාර්ලිමේන්තුවේ බලතල ගන්න බෑ. අපි දැනටමත් ඒ කම්පැනි වලට දැන්වීම් නවත්වන්න නියෝග කරල තියෙනවා. පාර්ලිමේන්තුවේ බලය කොමිෂන් සභාවලට අත්පත් කරගන්න බෑ.'
යයි හර්ෂ ද සිල්වා තවදුරටත් පැවසීය.
theleader.lk