සෙනසුරාදා රාත්‍රියෙන් සතියේ ඉන්ධන කෝටාව අවසන් වෙනවා - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

සෙනසුරාදා රාත්‍රියෙන් සතියේ ඉන්ධන කෝටාව අවසන් වෙනවා - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

මේ වන විට ජනතාවට ලබා දී ඇති ඉන්ධන කෝටාව ලබන සෙනසුරාදා දින රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

එය නැවතත් ඉරිදා දිනයේදී අලුත් වන බවයි 'අද දෙරණ BIG FOCUS' වැඩසටහනට එක් වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.

QR කේත ක්‍රමවේදය හඳුන්වාදීම තුළින් මෙරට තෙල් පරිභෝජනය 20% කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළා.

QR කේත ක්‍රමවේදය හදිසියේ රට තුළ ඇති කළේ පෝලිම් නැති කිරීම සඳහා බවත්, එවැනි ක්‍රමවේදයක් එන බව කලින් ප්‍රකාශ කළා නම් එය ක්‍රියාත්මක කිරීමට පෙර ඉන්ධන අවසන් විය හැකිව තිබුණු බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 

Search