තව ටික දවසකින් පාස්කු ඉරිදා දිනය හොයාගන්න බැරුව, කැලැන්ඩරේ පෙන්නුවේ අහවලා කියලා කියාවිද දන්නෑ - සංජීව

තව ටික දවසකින් පාස්කු ඉරිදා දිනය හොයාගන්න බැරුව, කැලැන්ඩරේ පෙන්නුවේ අහවලා කියලා කියාවිද දන්නෑ - සංජීව

ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු දින ප්‍රහාරයට අදාළව ඇමරිකා එක්සත් ජනපදය නඩු විභාගයක් සිදු කළ බවත්, එම විමර්ශනය මඟින් FBI ආයතනය අනාවරණය කරගත් තොරතුරු අනුව ‘සහරාන් හෂීම්’ නමැති පුද්ගලයා මෙම ප්‍රහාරයේ මහා මොළකරු සහ ප්‍රධානියා බව ඉතාම පැහැදිලිව සඳහන් වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි .

ඉරාකයේ සහ සිරියාවේ ක්‍රියාත්මක වූ ISIS රාජ්‍ය සංකල්පයට ශ්‍රී ලංකාවේ මෙම කණ්ඩායම ප්‍රසිද්ධියේ පක්ෂපාතීත්වය ප්‍රකාශ කර තිබුණු බවත්, සහරාන් හෂීම් ISIS නායකත්වය සමඟ සෘජු සන්නිවේදන සබඳතා පැවැත්වූ බවත් අනාවරණය වී තිබුණු බවයි ඊයේ  (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.

නමුත් ලංකාවේ සමහරු පවසන ආකාරයට ඉරාකයේ සහ සිරියාවේ සිටින ISIS නායකයන් සමඟ සම්බන්ධ වී, ISIS ත්‍රස්තවාදයට අදාළ දෘෂ්ටිවාදය ඉගෙන ගෙන, ඊට අදාළ සංවිධානයක් මෙහි පිහිටුවාගෙන, ප්‍රහාරයකට කණ්ඩායමක් සූදානම් කරගත් කණ්ඩායමට ප්‍රහාර එල්ල කළ යුතු පල්ලිය පෙන්වා ඇත්තේ සුරේෂ් සලේ යැයි දැන් පවසන බවයි ඔහු සඳහන් කළේ.

මේ ආකාරයෙන් විමර්ශනය කළහොත්, තව දින කිහිපයකින් පාස්කු ඉරිදා දිනය සොයා ගැනීමට නොහැකිව දින දර්ශනය පෙන්වන ලද්දේ අහවලා විසින් බවටත් ප්‍රකාශ කරනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Search