ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව එක්සත් ජනපද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්
පීට් හෙග්සෙත් පෙන්ටගනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මිට ස්වල්ප මොහොතකට පෙර පවසා ඇත.
"ඇත්තට ම ඊයේ, ඉන්දියන් සාගරයේදී, ඇමෙරිකානු සබ්මැරීනයක් ජාත්‍යන්තර ජල තීරයේදී ඔවුන් ආරක්ෂිත යැයි සිතා සිටි; ඉරාන යුද නැවක් ගිල්වා දැමුවා. ඒ වෙනුවට අපි ටෝපිඩෝවකින් ගිල්වා දැමුවා. නිහඬ මරණයක්. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව," ඔහු එහිදී සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක් වූ නෞකාව කුමක් ද යන්න සම්බන්ධයෙන් ඔහු එහිදී සඳහන් කර නොතිබිණ.
‘සබ්මැරින් ප්‍රහාරයක් බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරනවා’- නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී ඉරාන නෞකාවට එල්ල වූයේ සබ්මැරින් ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය අද දහවල් වාර්තා කර තිබිණ.
ඊයේ (මාර්තු 4) සවස පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුයේ, ඉරාන නෞකාවට එල්ල වූයේ සබ්මැරින් ප්‍රහාරයක් බවට විදෙස් මාධ්‍ය සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බවයි.
යාත්‍රාවේ සිටි සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් නිවැරදි සංඛ්‍යාලේඛන දිවි ගලවා ගත් පුද්ගලයින්ගෙන් අනාවරණය කර ගත යුතු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ප්රශ්නය ;
විදේශීය මාධ්‍ය ගණනාවක් වාර්තා කරලා තියෙනවා මේ නාවික හමුදාව පැවසුවා කියලා මේ නෞකාවට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල වූ බවට?
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක :
ඒ ප්‍රකාශ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන නාවික හමුදාව වශයෙන්.
අනතුර සිදුවූ ආකාරය පිළිබඳව අනාවරණය කර ගැනීමට විශේෂඥ සහ තාක්ෂණික විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.
සබැඳි පුවත් :
දකුණු මුහුදට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාව ගැන තවත් තොරතුරු
මුලාශ්‍ර :
US submarine sank Iranian warship in Indian Ocean with torpedo, defence secretary says
US submarine sank Iranian warship off Sri Lanka’s coast, Hegseth says
Live updates: Iran delays public mourning for Khamenei and hits U.S. sites in the Gulf