රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටලු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීමක් වුවද, වත්මන් රජය හිතාමතාම එම වගකීම පැහැර හරිමින් කටයුතු කිරීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
වෛද්‍යවරුන්ගේ සහ රෝහල් පද්ධතියේ ගැටලු විසඳීම සඳහා ලබාදුන් ලිඛිත එකඟතා උල්ලංඝනය කිරීම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති අතර මෙම වෘත්තිය ක්‍රියාමාර්ග පදනම් වූ ප්‍රධාන ඉල්ලීම් අටක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉදිරිපත් කර ඇත.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
