කාදිනල්තුමාටයි, කතෝලික ජනතාවටයි කියන්න දෙයක් ඕන නිසා මේ අත්අඩංගුවට ගැනීම කළේ - සුජිත් සංජය පෙරේරා

කාදිනල්තුමාටයි, කතෝලික ජනතාවටයි කියන්න දෙයක් ඕන නිසා මේ අත්අඩංගුවට ගැනීම කළේ - සුජිත් සංජය පෙරේරා

වත්මන් ආණ්ඩුව සුපුරුදු පරිදි සංදර්ශනයක නිරත වෙමින් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසනවා.

ඒ අනුව, ගල් අඟුරු සම්බන්ධව තිබෙන චෝදනා සහ අනෙකුත් චෝදනා වසා ගැනීමේ අවශ්‍යතාවයකින් ආණ්ඩුව පසුවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරය ගැන මොන යම් හෝ දෙයක් කාදිනල්තුමා ඇතුළු කතෝලික ජනතාවට පැවසිය යුතු නිසා සුරේෂ් සලේගේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා වැඩිදුරටත් සඳහන් කර සිටියේ‍.

Search