ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා භාවිතා කිරීම තුළින් එහි ජනන යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙතෙක් කාලයක් මීට පෙර ආනයනය කළ ගල්අගුරු ද බලාගාරය සඳහා භාවිත කළ අතර ලබන මස පළමුවන දින සිට පූර්ණ වශයෙන් භාවිතා කිරීමට සිදුව ඇත්තේ නව ආනයනික ගල්අගුරු බවය.
මෙමඟින් ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රවලට හානි සිදුවිමේ අවදානමක් පවතින බව ආචාර්ය විදුර රළපනාව සඳහන් කළේය.