එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ මෙම ගල්අඟුරුවල ප්‍රමිතිය දැනගැනීම වැළැක්වීම සඳහා රසායනාගාර වාර්තා පවා නැවැත්වීමට ආණ්ඩුව උත්සාහ දැරූ බවයි.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ඉන්දීය සමාගමක් හරහා ආනයනය කළ ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බවට අනාවරණ වීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් උද්ගතව තිබේ.
එවැනි පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා ලිපියක් යොමු කර තිබිණ.
දැනට ආනයනය කරන ලද ගල්අඟුරු නැව් 8 හි ගල්අඟුරු මගින් විදුලිය ජනනය කිරීමේදී ඇස්තමේන්තු කරන ලද සෘජු අලාභය එමගින් වෙන් වෙන් වශයෙන් දක්වා ඇත.
සබැඳි ලිපි :
බාල ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමෙන් රු. මිලියන 7000ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලය පිලිගනී
ගල් අඟුරු ටෙන්ඩරය දාපු කාලේ වයිෆ්ගේ අම්මාගේ ගිණුමට සල්ලි වැටුණේ කොහොමද? මරික්කාර් අසයි