දින ගණනාවක් පුරා රටේ ගෑස් හිඟයි; කඩිනමින් විසඳුමක් ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දින ගණනාවක් පුරා රටේ ගෑස් හිඟයි; කඩිනමින් විසඳුමක් ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දින ගණනාවක් පුරා ගෑස් හිඟයක් පවතින බැවින් පාරිභෝගිකයා අසරණ වී, ගෑස් පෝලිම් නිර්මාණය වී ඇති බවත්, ගෑස් හිඟයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

 

''ගෑස් අහිමි වීම රටේ ජනතාව ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්. එය ජීවත් වීමේ අයිතිය පවා ආරක්ෂා කිරීමට සම්බන්ධ බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. එසේම සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැනීම වරදක් නොවේ. මේ ගෑස් පොලිම් නිර්මාණය කළේ විපක්ෂයත් නෙවෙයි. මේ අවස්ථාවේ හිඟයක් තිබෙන නිසා මේ සඳහා විසඳුමක් ලබා දෙන්න; පාරිභෝගිකයන් ගේ මේ ගැටලුව විසඳා දෙන ලෙස ඉල්ලා සිටිනවා. 

 

Search