LTL Holdings යනු මෙරට විදුලි බල ක්ෂේස්ත්රයේ සුවිශේෂී සේවාවක් සපයන, නිරන්තරයෙන්ම රටේ ජනතාව අඳුරෙන් ආලෝකයට ගෙන ඒමට දිවා රෑ කැපවෙන සමාගමකි. මෙම ආපදා තත්ත්වය හමුවේ ගංවතුරට හසු වූ නිවෙස්වල විදුලි පද්ධති නැවත විදුලිය ලැබීමේදී ආරක්ෂිතව ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව තම සේවා දායකයන්ට නිවැරදි උපදෙස් ලබා දීමට සමාගම කටයුතු කරන අතරතුර, LTL Holdings සමාගම විසින් දියත් කරන ලද 'LTLමනුස්සකම' ආපදා සහන වැඩසටහන, රටට බලපෑ විපත්තිදායක තත්ත්වය ඇති වූ දින සිට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. විපතට පත් ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීමට සහ ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනැගීමට සහාය වීම මෙම මානුෂීය වැඩසටහනේ මූලික අරමුණයි.
ප්‍රජාව වෙත සෘජුවම සහනය ලබා දීමේ අපගේ කැපවීම යටතේ, මෙතෙක් සාර්ථකව නිම කරන ලද සහ ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත පියවරයන්හි නවතම තත්ත්වය පහතින් දක්වා ඇත.
වියළි සලාක සහ ආහාර ආධාර
පීඩාවට පත් ප්රජාවන්ගේ ක්ෂණික ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.මේ වන විට වියළි සලාක මලු 17,000 ක් සාර්ථකව පවුල් වෙත යවා ඇත.තවත් වියළි සලාක මලු 1,000 ක් යැවීම සඳහා මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.
එමෙන්ම නිවෙස් ප්‍රතිසංස්කරණය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමද සිදු කොට ඇත
ගංවතුර සහ ආපදා හේතුවෙන් සිය නිවෙස් අහිමි වූවන් සඳහා දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට උපකාරී වන අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ සහ උපකරණ කට්ටල සැපයීම මේ වන විට ආරම්භ කර ඇත. මෙම කට්ටලවල අඩංගු කර ඇත්තේ නැවත පදිංචි වීමේදී පවුලකට දිනපතා අවශ්‍ය වන ප්‍රධානතම භාණ්ඩ වේ.කොට්ට, මෙට්ට ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කට්ටල 250 ක් මේ වන විට බෙදා හැර ඇත.තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කට්ටල 600 ක් කඩිනමින් යැවීම සඳහා සූදානම් කරමින් සිටී.
LTL Holdings සමාගම, ආපදාවෙන් විපතට පත් ජනතාවට සහයෝගය දක්වමින් ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනැගීමට අවශ්‍ය සියලු ශක්තිය ලබා දීමට දිගටම කැපවී සිටී. විදුලි බලය නැවත ස්ථාපිත කිරීමේ වගකීම සහ මානුෂීය සහන සැපයීම යන ද්විත්ව අරමුණු ඉටු කරමින් ක්‍රියාත්මක වන මෙම මානුෂීය මෙහෙයුම වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලුම පාර්ශවයන්ට අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමු.

