දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250 මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ චෙක්පත පෙරේදා (08දා) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ අගමැතිනිය අතර මෙහිදී සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි.
අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ