1988-89 භීෂණ කාලය යළි සිහිපත් කරමින් හිස – අත් පා නැති පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් මාරවිල – මුදුකටුව වෙරළ තීරයේ තිබී අද ( 14 ) දහවල් හමුවී ඇත.
මෙවැනි හිස අත් පා නැති මළ සිරුරු පසුගිය භීෂණ සමයේදී විශාල වශයෙන් රට පුරා පාලම් බෝක්කු යට මෙන්ම ප්‍රධාන මාර්ගවල දකින්නට තිබිණි.
කෙසේ හෝ එම භීෂණ යුගය සිහිපත් කරමින් දැන් නැවතත් නාදුනන මළ සිරුරු රටේ විවිධ ප්‍රදේශවලින් හමුවන අතර මෙලෙස හිස, අත්, පා කොටස් වෙන්කෙරුණු මළ සිරුරක් හමු වූයේ කාලයකට පසුව බව පොලිසිය පවසයි.
අද දින පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මෙම සිරුර සොයා ගත් බවක් ඔහු පිළිබඳව අනන්‍යතාවය මෙතෙක් හෙළි කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ කරන පොලිසිය පවසයි.
මියගොස් ඇති මෙම පුද්ගලයා නිල් පැහැති කොට කලිසමක් පැළැඳ සිටි අයකු වන අතර ඔහු කවුරුන්ද යන්න පිළිබඳව මාරවිල පොලිසිය තවදුරටත් විමර්ශන දියත් කර ඇත