රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සහ ඖෂධ නියාමන අධිකාරියේ අකාර්යක්ෂමතාව හේතුවෙන් සැපැයුම්කරුවන් රට හැරයෑම නිසා ලබන වසරේදී ද උග්‍ර ඖෂධ හිඟයක් රටේ ඇතිවනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ලබන වසර වනවිට මෙරට ඖෂධ හිඟයක් ඇති නොවන බවට ඉහත ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කර ඇතත්, මේ වනවිට පවතින තත්ත්වය අනුව ඖෂධ හිඟය සම්පූර්ණයෙන් පාලනය කිරීමට, සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වනු ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.