මහින්ද ,මෛත්‍රී නිල නිවසෙන් පිට වූවත් නිල නිවසින් යන්න චන්ද්‍රිකා මාස දෙකක් කල් ඉල්ලයි

මහින්ද ,මෛත්‍රී නිල නිවසෙන් පිට වූවත් නිල නිවසින් යන්න චන්ද්‍රිකා මාස දෙකක් කල් ඉල්ලයි

 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැනට පදිංචිව සිටින රජයේ නිල නිවසින් ඉවත්ව යෑමට තවත් මාස දෙකක කාලයක් ලබා දෙන ලෙස ඇය විසින් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.


ඇයගේ රෝගී තත්ත්වයක් මෙන්ම කොළඹ යෑමට තෝරාගෙන තිබෙන නිවසේ අලුත් වැඩියා කටයුතු තවමත් අවසන් වී නොමැති වීම වැනි කරුණු හේතුවෙන් මෙලෙස මාස දෙකක කාලයක් ඉල්ලා ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීමත් සමඟ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ. මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරු නිල නිවාස භාරදී ඊයේ දිනයේ පිටව ගියහ.

Search