ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පපනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමි වුණා.


මෙම පනතට විරුද්ධව ඡන්දය ලබා දුන්නේ  චාමර සම්පත් දසනායක මහතා විසින්.

ඒ අනුව ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

දෙවැනි වර කියැවීමේ විවාදයෙන් පනත සම්මත වූ පසුව කාරක සභා අවස්ථාව එළැඹි අතර කිසිදු සංශෝධනයක් එම අවස්ථාවේදී පනතට ඉදිරිපත් කරනු ලැබුවේ නැහැ.

ඒ අනුව පනත තුන්වැනි වර කියැවීමේ අවස්ථාව පැමිණි අතර, එහිදී පනත සම්මත කර ගැනීමට කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව ජනාධිපතිවරයන්ගේ හිමිකම් පිළිබඳ පනත සම්මත වූ බව පාර්ලිමේන්තුවට නිල වශයෙන් කථානායකවරයා විසින් දැනුම් දුන්නා.

Search