Update-මීගමුවේ සහ අලුබෝමුල්ලේ වෙඩිතැබීම් දෙකක් – පැය 12ක් තුළ වෙඩි තැබීම 4ක්

Update-මීගමුවේ සහ අලුබෝමුල්ලේ වෙඩිතැබීම් දෙකක් – පැය 12ක් තුළ වෙඩි තැබීම 4ක්

නාදුනන තුවක්කු කරුවන් දිනපතා සිදු කරන වෙඩි තැබීම් වලට අනුව අද (06) දිනයේ මීගමුව සහ පානදුර යන ප්‍රදේශවල වෙඩි තැබීම් දෙකක් සිදුකර ඇත.
යතුරු පැදි දෙකකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් අද අළුයම මීගමුව කුට්ටියදූව ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා ඇති අතර දහවල් පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ වෙළඳ සැලකට වෙඩි තබා පලා ගොස් තිබේ.

මෙම වෙඩි තැබීම් වලින් කිසිදු ජීවිත හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රියේ ද මට්ටක්කුලිය සහ පංචිකා වත්ත යන ප්‍රදේශවලදී වෙඩි තැබීම් දෙකක් සිදුව ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ගත වූ පැය දොළහක කාලය තුළ සිදුව තිබෙන මෙම වෙඩි තැබීම් හතරට සම්බන්ධව මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ අනුව පංචිකාවත්ත ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැබීමට පුද්ගලයෙක් සහ ඔහු පැමිණි යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට හැකිවූූ බවත් පොලිසිය පවසයි

Search