මේ වසරේ මේ දක්වා දිවයිනේ වෙඩි තැබීම් සිද්ධි 91ක් වාර්තා වී ඇතැයි ද එම සිද්ධීන් ගෙන් 50දෙනෙකු මියගොස් ඇතැයි ද, පුද්ගලයන් 50 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි ද පොලිස් මූලස්ථානය පවසයි.
පසුගිය 27 වැනිදා පානදුරේ සිදු වූ වෙඩි තැබීමත් සමග පානදුර පොලිස් කොට්ඨාසයේ මෙම වසරේ මේ දක්වා වෙඩි තැබීම් 7ක් සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම වෙඩි තැබීම්වලින් බහුතරයක්ම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ කුඩු සලිඳු විසින් මෙහෙයවා ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පරීක්ෂණ මෙහෙයවයි.