දවසේ වෙඩිල්ල වෙන්නප්පුවෙන්... අයෙක් මරුට

 දවසේ වෙඩිල්ල  වෙන්නප්පුවෙන්...  අයෙක් මරුට

අද (31) උදෑසන, වෙන්නප්පුව වැව පාරේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ, අධිකරණ නියෝග මත වෙන්නප්පුව පොලිසියේ අත්සන් තබා යතුරුපැදියකින් ආපසු යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකි.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මුලින්ම යතුරුපැදිය අනතුරකට ලක් කර ඇති අතර, ඉන්පසු ඔවුන් තියුණු ආයුධවලින් පහරදී වෙඩි තබා ඇත.

මෙම ප්‍රහාරයෙන් යතුරුපැදියේ ගමන් ගත් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් පුද්ගලයා තුවාල ලබා පළා ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Search