වැලිකඩ බන්ධනාගාරෙ හදලා තියෙන්නේ රනිල්ගෙ ඉඩමක – වජිර

වැලිකඩ බන්ධනාගාරෙ හදලා තියෙන්නේ රනිල්ගෙ ඉඩමක – වජිර

හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රැගෙන ගියේ  ඔහුගේම පරම්පරාවට අයිති ඉඩමක් වන වැලිකඩ බන්ධනාගාරයට බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.


ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, අවසානයේදී වැලිකඩ බන්ධනාගාර භූමියේ අයිතිකරු වන්නේ,  රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් බවයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩමට අදාළ පත්තිරු සටහන් තමා සතුව ඇති බවට පැවසූ වජිර අබේවර්ධන මහතා එම ලේඛන පිටපත්  ඉදිරියේදී සියලුම මාධ්‍යට ලබාදෙන බවත් එහිදී කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම දෛවෝපගත අවස්ථාවක් බවට පෙන්වාදුන් වජිර අබේවර්ධන මහතා පවසන්නේ, තමන්ගේම පරම්පරාවට අයිති ඉඩමකදී මෙවැනි අවාසනාවන්ත අත්දැකීමකට මුහුණපෑමට සිදු වීම ඉතා ඛේදජනක බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා : 

“ තවත් අවාසනාවන්ත අවස්ථාවක් තමයි, එතුමාව අත්අඩංගුවට අරගෙන, අරන් ගියෙත් එතුමාගේ මිත්තනියට අයිති එතුමාගේ පරම්පරාවේ අක්කර 43ක වැලිකඩ භූමියට. දැන් මේ භූමියත් අවසානයේ අයිතිකරුවන් වෙන්නේ, රනිල් වික්‍රමසිංහ ඇතුළු එතුමාගේ පවුලේ සාමාජිකයන්.එතකොට ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්. මම බලාපොරොත්තු වෙනවා වැලිකඩ බන්ධනාගාරය පිහිට් ඉඩමේ පත්තිරු සටහන් සේරම මගෙ අතේ තියෙනවා. ඒකේ පිටපතක් මම සියලුම මාධ්‍යට ලබා දෙන්නම්. මාධ්‍යට සහ ශ්‍රී ලාංකික මහජනතාවට දැනගන්න පුළුවන්, එවැනි පරපුරක සාමාජිකයෙකුට මන් හිතනවා මහා ඛේදජනක හැසිරීමක් හැටියටයි මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ”

Search