විපක්ෂයෙන් පුළුල් සන්ධාන ගොඩනැගෙන්නේ පුද්ගලික කණ්ඩායම් හෝ දේශපාලන අරමුණු ඉලක්ක කර ගෙන නොව රටේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට බවත් වත්මන් රජයට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න විසදුම් ලබා දෙන්න නොහැකි වී ඇති බවත් උපාධිධාරීන් 40000ක් අද රැකියා නොමැතිව මහ පාරේ බවත් වී ගොවියා ඇතුළු එළවළු පළතුරු ගොවීන් පවා අසරණ වී ඇති බවත් මේ වන විට රටෙන් 50%ක් දුප්පත් බවත් 71%ක් අස්වැසුම ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට පවා පහසුකම් නොමැති බවත් ධර්මාචාර්ය විභාගය සමත් වූ 14000කට පත්වීම් නොමැති බවත් මේවාට උත්තර දෙන්න ගැටලුවලට විසදුම් දෙන්න රජයට නොහැකි වී ඇති බවත් බඩු මිල අහස උසට නැගී ඇති බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පරාටේ නීතිය නිසා අසරණ වී ඇති බවත් සැවොම එකමුතුභාවය ඇති කර ගන්නේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බවත් මේවා දේශපාලන පටු අරමුණු ඉලක්ක කර ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අද ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාදායක සභා 2න් එකක් වන U.S. House Democracy Partnership (HDP) කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරී මණ්ඩලයක් හමු වු බවත් එහි දී රට වෙනුවෙන් ඉල්ලීමක් කළ බවත් ඇමෙරිකා එක්සත් ජනපදය අප රටේ අපනයනවලට පැනවූ 44%ක බද්ද පසුව 30%ටත් ඉන් පසුව 20% දක්වා අඩු වූ බවත් හැකියාවක් ඇත්නම් මේ ප්‍රතිචාරක තීරු බදු තවත් අඩු කරන ලෙස මෙන්ම හැකියාවක් තිබේ නම් එම බදු අහෝසි කරන ලෙස ඉල්ලා සිටි බවත් ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන මේ කාර්ය මණ්ඩලයත් ඇමෙරිකානු තානාපතිවරිය හමුවේ මෙම ඉල්ලීම සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
https://youtu.be/uFC3sC-NoxE?si=aMxxjvigOW5tEJlF