ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නව සමාගම් හතරක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන තිබේ.
බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ, මෙමඟින් වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුත් විදුලිබල පද්ධතියක් ස්ථාපිත කිරීම මෙමඟින් අරමුණු කරන බවයි.
ඒ අනුව අලුතින් පිහිටවූ සමාගම් පහත සඳහන් පරිදිය.
නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ් (ජාතික පද්ධති මෙහෙයුම් කටයුතු සඳහා)
නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ් (සම්ප්‍රේෂණ කටයුතු සඳහා)
ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් (බෙදාහැරීම් කටයුතු සඳහා)
ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් (ජනන කටයුතු සඳහා)
මෙම නව සමාගම් සියල්ලම රාජ්‍ය අයිතිය යටතේම පවතින බව බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
වර්තමාන ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මෙම නව සමාගම්වලින් තමන් කැමති සමාගමක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. ඒ සඳහා අද (27) සිට මාස දෙකක කාලයක් ඇතුළත අයදුම්පත් යොමු කළ හැකි අතර, මේ පිළිබඳව සියලුම සේවකයන් දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යාංශය පවසයි.
නව සමාගම්වලට සම්බන්ධ වීමට අකමැති සේවකයන් සඳහා වන්දි ගෙවීමක් සහිත විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනක් ද සැලසුම් කර ඇත. එසේම, මෙම නව ආයතනවල ඉහළ කළමනාකාරීත්වය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ වර්තමානයේ සිටින ඉහළ පෙළේ ඉංජිනේරුවන් බඳවා ගැනීමට ද අවධානය යොමු කර තිබේ