රනිල් එංගලන්තයට ගියේ නිල ආරාධනයකට : ඔහුව අත්අඩංගුවට ගත්තේ නිහඬ කිරීමටයි – මහාචාර්ය ජී.එල්. පීරිස් කියයි !

රනිල් එංගලන්තයට ගියේ නිල ආරාධනයකට : ඔහුව අත්අඩංගුවට ගත්තේ නිහඬ කිරීමටයි – මහාචාර්ය ජී.එල්. පීරිස් කියයි !

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ Wolverhampton විශ්වවිද්‍යාලය වෙත ගියේ ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයා ලෙස ලැබුණු නිල ආරාධනයකට අනුව බවත් , ඒ සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර ඇතිබවත් මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තාවක්ද උපුටා දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර ඒ අනුව මෙය කිසිසේත් පෞද්ගලික සංචාරයක් බව පැවසිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සඳහන් කර සිටියේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව හිටපු ජනාධිපතිවරුන් ඇතුලු විපක්ෂයේ සියළු පක්ෂ සහභාගී වන ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදය පරදවමු!” මැයෙන් වන අද (24) මේ වන විටත් කොළඹ පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුව අමතමිනි.

Wolverhampton විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය වසර 25ක් අඛණ්ඩව දැරූ Swraj Paul සාමිවරයාට ගෞරව කිරීමට පැවැත්වූ මෙම උත්සවයේදී එම සාමිවරයා මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද දේශන පැවැත්වු බවද ඔහු පැවසීය.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම කිසිසේත් මෙරට යුක්තිය පසිඳලීමක් හෝ දූෂණය තුරන් කිරීමේ අරමුණින් සිදුකළ කටයුත්තක් නොව,රජයට විරුද්ධ පුද්ගලයන් බියවැද්දීමක් , නිහඬ කිරීමක් වන බවද ඒ මහතා අවධාරණය කළේය.

මේ පසුපස තිබෙන අභිමතාර්ථය ප්‍රජාතන්ත්‍රවාදි ආයතන සම්පුර්ණයෙන් විනාශ කිරීම බවත් ඒ ඔස්සේ අපේ උරුමයක් වන ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමක් බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

Search