බොරැල්ල අබ්දුල් කාදර්වත්තේදී කුඩු චතුගේ පාර්ශ්වයේ සාමාජිකයකු ඉලක්ක කර පාතාල කුලී ඝාතකයකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමක් ව්‍යර්ථ වූ අතර එම පුද්ගලයා අනූ නවයෙන් දිවි ගලවාගෙන ඇත.
ඊයේ සවස හයට පමණ මෙම ප්‍රහාරය එල්ල වූ අතර කුඩු දුමින්දගේ පාර්ශ්වය විසින් එය සිදුකර ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.
අබ්දුල් කාදර්වත්තට පාගමනින් පැමිණ ඇති කුලී ඝාතකයා පිස්තෝල අවියක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
මීට පෙර බොරැල්ල සහස්පුරේදී කුඩු චතුගේ ගෝලයන් පිරිසක් ඉලක්ක කරගෙන සිදුකළ වෙඩිතැබීමකින් තරුණයන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේද කුඩු දුමින්දගේ පාර්ශ්වය විසින් බව පසුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය විය.
මේ අතර ඊයේ පළමු වෙඩිල්ල ලෙස සූරියවැව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඇති වූ වෙඩි හුවමාරුවකින් එම සැකකරු මියගොස් ඇති බව පොලිසිය නිවේදනය කරයි.