රනිල් වික‍්‍රමසිංහ අත්අඩංගුවට

රනිල් වික‍්‍රමසිංහ අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුවය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු කැඳවීම සිදු කර ඇත්තේ, ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ සිදු කළ විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයකට අදාළවය.

විමර්ශනයට භාජනය වී ඇත්තේ නිව්යෝර්ක් නුවර පැවති නිල සංචාරයකින් පසු ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට ගිය ගමනකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන්, හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන් සහ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Search