අද උදේ පෑලියගොඩ වෙඩි තැබීමෙන් එක් අයෙකු මරුට අනිත් කෙනාට අසාධ්‍යයි

අද උදේ පෑලියගොඩ වෙඩි තැබීමෙන් එක් අයෙකු මරුට අනිත් කෙනාට අසාධ්‍යයි

Update--අද (19) උදෑසන පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇත.

නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට වාර්තා වේ.

මියගිය පුද්ගලයා පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ සේවකයෙක් බව පොලිසිය තහවුරු කරයි.

මෙම ප්‍රහාරයේදී වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

Search