පොහොර සංස්ථාවේ සිටියදී ලක්‍ෂ අසූවක් මුදල් අවභාවිතා කළ යැයි බලශක්තිය ඇමතිට අල්ලස් කොමිසමෙන් නඩු

පොහොර සංස්ථාවේ සිටියදී ලක්‍ෂ අසූවක් මුදල් අවභාවිතා කළ යැයි බලශක්තිය ඇමතිට අල්ලස් කොමිසමෙන් නඩු

 බල ශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අදාළ අමාත්‍යවරයාට එරෙහිව  නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 රුපියල් ලක්ෂ අසූවක පමණ මුදලක් අයතා ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මහාධිකරණයේ නඩු පවරනු ඇතැයි ආරංචි මාර්ග පැවසුවේය.. මතභේදයකට තුඩු දුන් ටෙන්ඩරයක් ප්‍රදානය කර ටෙන්ඩර් කමිටුවේ ප්‍රධානියා ලෙස අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එවකට කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

 ගෙවීම් ක්‍රියා පටිපාටිය සහ බැඳුම්කරය නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමත් සමග ටෙන්ඩරය පිළිබඳ පර්යේෂණ ආරම්භ විය

Search