රටේ ඒකීය භාවය, සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත වන්නේ සෑම ජාතියක්, ආගමක් සංස්කෘතියක් අතර සමගිය හා එකමුතුභාවය තුළිනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ ඒකීය භාවය, සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත වන්නේ සෑම ජාතියක්, ආගමක් සංස්කෘතියක් අතර සමගිය හා එකමුතුභාවය තුළිනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අප රටේ බුදුදහමට සම්බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් හිමිව තිබෙන බවත් එය තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උත්තරීතර නීතිය තුළින් තහවුරු කළ යුතු බවත් එහි දී අප සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වන්නේ සම්බුද්ධ ශාසනය, ආගම ධර්මය, සංස්කෘතිය සුරක්ෂිත කරන වැඩකටයුතුවලට යොමුවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඓතිහාසිය නවගමුව දේවාලයේ වාර්ෂික පෙරහැර අවස්ථාව සඳහා එක්වීමෙන් අනතුරුවය.*

අප රටට බුද්ධශාසන අමාත්‍යාංශයත් බුද්ධශාසන අරමුදලත් ඇති කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා බවත් ඒ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය තහවුරු කරන්නට අදත් ඉදිරියේදීත් නිරතුරුවම කැපවෙන බවත් අප රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබිය යුතු සේවා අනෙකුත් ආගම් නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යාංශ බිහි කිරීමේ කාර්ය එදා රණසිංහ ප්‍රේමදාස මහතාගේ යුගයේ තිබූ බවත් එයට හේතුව රටේ ඒකීය භාවය, සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත වන්නේ රටේ එකමුතුභාවය සමගිය සාමදානය තහවුරු කිරීමෙන් බවත් අපේ උතුම් රට පණටත් වඩා සුරක්ෂිත කරන්නට ආගම දහම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට කළ හැකි උපරිම කැපකිරීම් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය

Search