ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධානයෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සියයට 20ක තීරු බද්ද හේතුවෙන් කාන්තාවන් බහුතරයක් ශ්‍රමිකයන් වන ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා 16,000ක් පමණ අවදානමකට ලක්විය හැකි බව ආර්ථික පර්යේෂණ ආයතනයක් වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පවසයි.
එම ආයතනය විසින් සකසන ලද නවතම අධ්‍යයන වාර්තාවක් පදනම් කරගනිමින් පවසන්නේ, මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 634ක විදේශ විනිමය අහිමි වීමක් ද අපේක්ෂා කළ හැකි බව ය.
ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂණ වාර්තාවට අනුව සියයට 44ක් ලෙස පැනවූ බද්ද සියයට 20ක් දක්වා අඩු කළ ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බද්ද සාපේක්ෂව ඉහළ අගයක පවතී.
මෙම තත්ත්වය මත සමස්ත බදු ප්‍රතිශතය සියයට 29.9ක් පමණ දක්වා ඉහළ යන අතර පසුගිය අප්‍රේල් මසයේදී මෙම බදු ප්‍රතිශතය පැවතුණේ සියයට 10.2ක පමණ ප්‍රතිශතයකය. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 25ක් පමණ ඇමරිකානු බද්දේ බලපෑමට යටත් වන බව එම ආයතනයේ පර්යේෂකයකු වන ආචාර්ය අනිල් විජේසිංහ සඳහන් කර තිබේ.
නව බදු ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇමෙරිකානු එක්සත් ජනපදයට අපයනන කිරීමේදී සියයට 12.1කින් පහළ යනු ඇති බවට මෙම අධ්‍යයනයේදී ගණනය කර ඇති අතර මෙම නිෂ්පාදන පහළ යෑම හේතුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ බහුතර කාන්තාවන්ගෙන් සමන්විත රැකියා අවස්ථා 15,908ක් අහිමි වීමේ ඉඩක් පවතින බවට ඇස්තමේන්තු කර ඇත