Center for Poverty Analysis එක සිදු කරණ ලද පර්යේෂණයක් තුළින් දුප්පත්කම ගැන සෘජු දත්ත ඇති බවත් මේ දත්ත මගින් හෝ අප රටක් ලෙස පාඩමක් ඉගෙන ගත යුතු බවත් අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික ප්‍රතිපත්ති රටට ඔබින නොවන බවත් දකුණ සහ වම යන වචන භාවිත කිරීම මෝස්තරයක් වී ඇති බවත් මේ වාමාංශික සහ දක්ෂිණාංශික ක්‍රමවල පවතින හොද ගුණාංග ගෙන සෘණාත්මක දේ පසෙකලා මැද මාවතේ එනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ යා යුතු බවත් එය රටේ ගැටලුවලට ඇති එකම විසදුම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මානුෂීය ධනවාදය තුළ ධනය උත්පාදනය ආර්ථික වර්ධනය වේගවත් කිරීම මෙන්ම වෙළදපෙලේ ඉල්ලුමට සැපයුමට පමණක් බාර දී මෙම ධනය පහළට කාන්දු වෙයි කියන සිතුවිල්ල රටට සුදුසු නොවන බවත් ලෝකයේ පවා මෙම මොඩල අසාර්ථක බවත් සෑම දෙයක්ම රජය කළ යුතුය යන න්‍යායයත් සිදු නොවිය යුතු බවත් මේ අන්ත දෙකේ මැද මාවත කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද Citizen Voice වැඩසටහන යටතේ ආර්ථික විශේෂඥයන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු හා දිළිඳුකම පිටු දැකීම පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවකදීය.*
පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත අවස්ථා ගණනාවක අස්වැසුම විද්‍යාත්මක නොවන බවට පෙන්වා දුන් බවත් IMF සහ ලෝක බැංකු ආදී මූල්‍ය ආයතනවලට මේ අස්වැසුම ගැන අවබෝධයක් ලබා ගත නොහැකි වී ඇති බවත් මේ සංඛ්‍යාලේඛන අනුව අස්වැසුම වැඩසටහනේ සිටිය යුතු 58%කට අස්වැසුම නොලැබීම බරපතළ ගැටලුවක් බවත් අස්වැසුම හා සමෘද්ධියේ අඩුපාඩුකම් ඇති බවත් අස්වැසුම සමෘද්ධියේ අඩුපාඩුවලින් පාඩම් ඉගෙන ගෙන නැති බවත් 23%ක් නුසුදුස්සන් ද අස්වැසුම ලබන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ගෙන අස්වැසුම දෙන බවත් මෙහි තෝරා ගැනීමේ ගැටලු ඇති නිසා විදුලි බිල කේන්ද්‍ර කර ගෙන සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රජය බංකොලොත් රටේ සුදුසු අයට අස්වැසුම දෙනවා වෙනුවට නුසුදුසු අයට අස්වැසුම දෙන බවත් මෙය ගැටලුවක් බවත් අස්වැසුම පාර්භෝජන වැඩපිළිවෙළක් පමණක් වුනත් මෙහි ආයෝජනය නිෂ්පදනය අපනයනය ඉතිරි කිරීමද තිබිය යුතු බවත් ඊට අමතරව සදාකාලීක සහන නොලබා කිසියම් කාලයක් තුළ සවිබල ගැන්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආර්ථික වර්ධනය සමාජවාදී ප්‍රතිපත්ති හරහ සිදු කළ නොහැකි බවත් ඒ හරහා පුද්ගල වර්ධනයක් නම් සිදුවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
NEWS CLIP 🧧 https://youtu.be/p0zVUJ6JK1s?si=lKPHhpKdId7Z79c5