සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් හා අනෙකුත් අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට (14,000,000) ආසන්න මුදලක් ලබාගැනීම හා එම මුදල් විශුද්ධිකරණය කළ බව කියන සිද්ධියකට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් රංජන් ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් නිලධාරීන් විසින් ඊයේ (14දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඊයේ (14දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරිණි.
සතිෂ් රංජන් ගමගේ මහතා ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව ද කටයුතු කර ඇත. අත්අඩංගුවට ගන්නා විට ඒ මහතා පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය කොට්ඨාස භාරව කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයකු නමින් පෞද්ගලික බැංකු තුනක ගිණුම් 03ක් විවෘත කර එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිසියට පැමිණ සේවාවන් ලබාගන්නන්ගෙන් හා අනෙකුත් අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබාගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කිරීම යන චෝදනා මත අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි
අපරාධකරුවන්ගෙන් කෝටි ගාණක අල්ලස් ගත් SSP රිමාන්ඩ්
