අදත් වෙඩි තැබීමක් ..හිටපු මන්ත‍්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කරයි

 අදත් වෙඩි තැබීමක් ..හිටපු මන්ත‍්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කරයි

අද දහවල් කාලයේ මීගොඩ පොලිස් වසමේ ගැහැනුවල ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණ පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවට හා වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද තොරතුරක් මත මීගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 46 ක් වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්ද වෙයි.

වෙඩි තැබීමට හේතුව හා යොදා ගත් ගිනි අවිය සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගොඩ පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි

Search