බත්තරමුල්ල පැළවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලය ආසන්නේ ඊයේ දිනයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඒ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකගේ විරෝධතාවයක් හේතුවෙනි.
මෙම පිරිස පළමුව පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මෙම විරෝධතාවය පවත්වා අනතුරුව ආසන්නයේ පිහිටි ජවිපෙ ප‍්‍රධාන කාර්යාලය දෙසට ගියේය.
එම විරෝධතාවය පාලනය කිරීම සඳහා පොලිසිය කැරළි මර්දන ඒකක කැඳවා තිබින.
එම ඒකක මැදිහත් වීමත් සමග උණුසුම් තත්වය හට ගත්තේය
පැලවත්තේ ජවිපෙ කාර්යාලය ඉදිරියේ විරෝධතා.. පොලිසිය කැදවයි.. උණුසුම් තත්වයක්….
