ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා බලයට පත්ව වසරකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් 40000ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නොමැතිව මහ පාරේ බවත් මැතිවරණ සමයේ මේ අයගේ රැකියා ගැටලුට විසඳුමක් ලෙස පොහොසක් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාවේ 72 පිටුවේ යෝජනා ගණනාවක් ඉදිරිපත් කළත් මේවා එකක්වක් ඉටු නොවී මේ අය රැවටූ බවත් පොරොන්දු කඩ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
35000ක් උපාධිධාරීන්ට රැකියා දෙන බවත් ඉන් 20000ක් ගුරු වෘත්තියටත් ආදී වශයෙන් රැකියා දෙන ආකාරය පෙන්වා ඇති බවත් රේගුව දේශීය ආදායම් සංචාරක විදේශ සේවා ආදියට බඳවා ගන්නවා කිව්වත් එය නොවූ බවත් රැකියා දෙන බවත් පොරොන්දු වී එකින් එක මැතිවරණ ජය ගෙනත් තවමත් මේ පොරොන්දු ඉටු කර ගත නොහැකි වී ඇති බවත් 2/3ක්, පාර්ලිමේන්තුවේ 159ක බහුතරයක් සහ පුංචි ඡන්දය පවා ජය ගෙන ඇති මුත් තවමත් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ආසන දිස්ත්‍රික් පළාත් බල මණ්ඩල හදා පොරොන්දුු පිට පොරොන්දු දී උපාධිධාරීන් පාවිච්චි කර ඡන්ද ප්‍රමාණය වැඩි කර ජය ගත්තත් අද මොවුන් හැමෝම උපාධිධාරීන් මගහැර ඇති බවත් රජයත් ජනාධිපතිවරයාත් රැකියා නොදෙන්නේ IMF එකට බිය දී ද කියා සැකයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පසුගිය ආණ්ඩුව මෙන්ම මේ රජයත් IMF එකට බය වී තරුණ පරම්පරාවේ හීන විනාශ කරණ බවත් මේ රැකියා විරහිත උපාධිධාරීන් යනු දේශපාලන අතකොලු නොව උගත් බුද්ධිමත් සම්පතක් බවත් මොවුන්ව තවදුරටත් රැවටීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම උපාධිධාරීන් ට නිසි පුහුණව ලබා දි රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදාගත හැකි වුවත් එය නොකළ බවත් දැන්වත් මොවුන් බඳවා ගෙන ලොවට ඔබින පුහුණුවක් ලබා දී අත්‍යාවශ්‍ය ක්ෂේ්‍ත්‍රවලට යොමු කළ යුතු බවත් මේ සටකපට දේශපාලන ක්‍රමය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින නිසා මොවුන්ගේ ගැටලුවලට තිරසර විසඳුමක් දියයුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
https://youtu.be/CKEsI7hc3o4?si=jM6JiT1g0CM_f4vv
ජනපති පත් වෙලා වසරයි. රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
