අලුතින් ලියාපදිංචිය සඳහා දේශපාලන පක්ෂ 70ක් පමණ අයැදුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
ලැබී තිබූ එම අයැදුම්පත්වලින් අඩකට ආසන්න සංඛ්‍යාවක මූලික කරුණු හෝ සම්පූර්ණ කර නොමැති බව ඔහු අවධාරණය කළේ ය.
මූලික කරුණු සම්පූර්ණ කර ඇති අයැදුම්පත්වල ලේඛන පරීක්ෂා කර බලා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් සිදු කරන බව කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර, මේ වන විටත් පිළිගෙන ඇති දේශපාලන පක්ෂවල ලේකම්වරුන් පිළිබඳව ගැටලු එම පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවලින් හෝ අධිකරණ මාර්ගයෙන් විසඳාගත යුතු බව සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ ය.
ජුනි 02 වන දා වන විට පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් පිළිබඳ ගැටලු පවතින පක්ෂ 06ක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඊළවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහ සභා පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සිංහලදීප ජාතික පෙරමුණ ලේකම් ධුරය සම්බන්ධ ගැටලු පවතින පිළිගත් දේශපාලන පක්ෂ බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි
අලුත් දේශපාලන පක්ෂ 70ක් ලියාපදිංචි පෝලිමේ
